Saturday 20th of June 2026

English Tamil
Advertiesment


එක හාල් ඇටයක් පිට රටින් ගේන්නේ නෑ


2024-10-25 14949

එක හාල් ඇටයක් හෝ ආනයනය නොකරන බව ජනපති අනුර දිසානායක ජනතාවට පොරොන්දු වෙයි.ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැලියකට එක්වෙමින් ජනාධිපතිවරයා පොළොන්නරුවේ දී ඔහු මේ බව පැවැසීය.

සංචාරක කර්මාන්තයට අවශ්‍ය සහල් වර්ග කිහිපයක් හැර ඉදිරියේ දී සහල් ආණයනය සිදු නොවන බවට ජනාධිපතිවරයා මෙහි දී පොරොන්දු විය.

මෙහිදී දිනෙන් දින අසීමිතව ඉහළ යන සහල් මිල පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ මෙරට ප්‍රධාන පෙලේ සහල් නිශ්පාදකයන් සමග තමා සාකච්ඡා කර අවබෝධයෙන් එයට විසඳුම් සෙවීමට පළමුව උත්සාහ කරන බවයි. එය සාර්ථක නොවුණහොත් නීතියෙන් උත්තර සෙවීමට පසුබට නොවන බවද ජනාධිපතිවරයා මෙහි දී අවධාරණය කළේය.

ඉදිරියේ දී රටේ සහල් ගැටලුවක් ඇති නොවීමට සියලු කටයුතු සූදානම් කරමින් සිටින ආණ්ඩුව තම ප්‍රතිපත්තියට අනුව ගොවියාට පොහොර සහනාධාරය රුපියල් 15000සිට රුපියල් 25000 දක්වා වැඩි කර ඇති බවත්, ගොවියාට අවශ්‍ය සියලු පහසුකම් ආණ්ඩුව සලසා දීමට කටයුතු කරන බැවින් ගොවියාට ඇත්තේ වගා කිරීම බවත් ජනධිපතිවරයා පෙන්වා දුනි.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment